Saturday 21 May 2011

පියාණනී...

2011/05/21  ගෙදර ඉන්න කම්මැලී.. මගෙ යාලුවෙක්‌ ඉන්නවා ගෙවල් ලග.. හවස 6.30 යි.. ඒ පැත්තට යන්න කියලා එලියට බැස්‌සා.. වට පිට බල බල පයින්ම ආව යාලුවගෙ ගේ ලගට.. ගෙට ගොඩවෙලා ටිකක්‌ කතා කර කර ඉද්දි යාලුවගෙ අම්මා හොදට කවිකියන්න පුලුවන් කෙනෙක්‌ කියලා දැන ගත්තා.. එයාගේ තාත්තාගේ පරන අතීතෙ මතක්‌ කරන ගමන් තමයි එයා උන්නෙ... මගෙත් තාත්තා නැහැනේ.. :( මමත් අසාවෙන් එවා අහගෙන උන්නා.. අද මම බ්ලොග් එකේ දාන්නෙ ඒ අම්මා  එයාගෙ පියාට ලියපු නිසැදසක්‌... නිස්‌කලංකව කියවගෙන ගියොත් ඔයාලට තේරෙයි ඒ පද පේලි වල තියෙන කතාවෙන් කියවෙන අර්ථය... ඒ දේ මගේ හිතට ගොඩාක්‌ බැදුනා.. මම ඒ අම්මගෙන් එයාගේ නිසැදැස මගේ බ්ලොග් එකේ දාන්න අවසරය ඉල්ල ගත්තා.. මේ තියෙන්නෙ ඒ නිසැදස..


දවසේ මෙහෙවර නිම කොට...
ගෙට ගොඩ වන පියාණනේ..
දෝතින් අප තුරුලටගෙන...
සිප සනසන පියාණනේ...
සිහි වී ඔබෙ පිය සෙනෙහස...
දෙනෙත් වසා ගලන කදුළු...
ඔය දැතින් පිස දමන්න..
අද නුම නැ පියාණනේ...
සොහොන වසා සුදු පාටට....
වැතිරුනාට අරලියමල්...
ඒ සුවදින් බැ මකන්න...
නුබේ සුවද පියාණනේ...
හිරු බැස යන සැන්දැවේ...
සුදු අරලිය මල් අරගෙන..නුබේ සොහොන අතුරාලා.. සැන සෙන්නම් පියාණනේ...
  ඩබ්. විනිප්‍රීඩා පීරිස්‌

7 comments:

  1. i like this.i dnt hve ds type of experiences. my father work's in abroad in my smallage.:(

    ReplyDelete
    Replies
    1. Mmmmm ehemada.. ow godak hithata wadina kavi pelak...

      Delete
    2. Mmmmm ehemada.. ow godak hithata wadina kavi pelak...

      Delete
    3. Mmmmm ehemada.. ow godak hithata wadina kavi pelak...

      Delete