Monday 27 June 2011

Rio 2011

බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.




කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය.


චිත්‍රපටය බාගත කරන්න (R5 XviD-MAXSPEED)

සිංහල උපසිරැසි බාගත කරන්න ( R5 XviD-MAXSPEED)  


Friday 24 June 2011

දුගී පැල්පතින් ධවල මන්දිරයට ගිය ඒබ‍්‍රහම් ලින්කන්



1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා. දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති වේ යැයි කවුරුත් නම් හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ කොලු පැංචාගේ නම වූයේ එබ‍්‍රහම් ලින්කන්ය. ඔහුගේ පියා තෝමස් ලින්කන් වූ අතර හෙතෙම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. එහෙත් ඔහුගේ පි‍්‍රයතම රැකියාව වුණේ දඩයමයි.





ළමා වියසාරවත් පසක් ඇති ප‍්‍රදේශ සොයමින් නිතර නිතර පදිංචි වූ ස්ථාන වෙනස් කළ වඩුවකු වූ

Thursday 23 June 2011

My Pictur's Slideshow

My Pictur's Slideshow: "TripAdvisor™ TripWow ★ My Pictur's Slideshow ★ to Verona. Stunning free travel slideshows on TripAdvisor"

Wednesday 8 June 2011

ජීවිතය හා මරණය...

ගංගාවක් ගලායනවා සේ....
ගෙවියන ජීවිතයේ...
ප්‍රිතිය,දුක සමගින් එක් වී,
කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි.
එක් නිමේෂයකදී......
එක් තප්පරයකදී.......
නොසිතු අයූරින්..
අපට නොදැනීම,
අපව වැළදගන්නා මාරයා
කෙසේ මගහරිම්දෝ....
ප්‍රිතියෙන් ගෙවූ ජිවිතයේ
අවසානය මෙසේ නිම කිරීමට
කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ.
නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ.
එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත්
නොහැක.