Friday 20 May 2011

ජීවිතය.....


බලාගත්ත අත බලාගෙන ඉන්නවා... යන්නන් වාලේ යනවා... ජීවත් වෙන්න ඔන කමට ජීවත් වෙනවා... ජීවිතයට කිසිම අලුත් බවක්‌ නැහැ.... බලාපොරොත්තු නැහැ... අරමුණක්‌ නැහැ... යන්න ඔන කොහෙද කියල තෙරුමක්‌ නැහැ...  කරන්න ඔන මොනාද කියලා හිතෙන්නෙ නැහැ...ජීවිතයම හිස්‌...


වසරින් වසර ගෙවෙනවා...
ඒ කියන්නෙ දින 365ක්‌...
ඒ වගේ වසර තුන හතරක්‌ ගෙවුණා....
ඒ කියන්නෙ දින දහස්‌ ගණනක්‌....
ඒත් ජීවිතයට මොනද අලුතින් එකතු උනේ...? මොනවද ඉගෙන ගත්තේ...?
මොනවද කළේ...?
මොනවද සතු කර ගත්තේ...?
කිසිම දෙයක්‌ නැහැ....
හිස්‌ බවක්‌ විතරයි...!!!!!






ජීවිතය කියන්නේ මේකට නෙමේ..
ජීවත් වෙනවා කියන්නෙ මේකට නෙමේ...
ජීවිතයට මීට වද තේරුමක්‌ ඕන...
ජීවිතයට නිකම්ම තේරුම් එන්නෙ නැහැ...
ජීවිතයට තේරුමක්‌ දෙන්න ඕන...
අරමුණක්‌ නැති ජීවිතය ලිපිනය නොලියා තැපැල් කරපු ලියුමක්‌ වගේ...
යන අතක්‌ නැහැ...
අනාත වෙනවා විතරයි...




ජීවත් වෙන්න තව වසර 40ක්‌ තියෙනවා කියා හිතුවොත්...
එක වසරකට එක අරමුණ ගානේ ඉටු කර ගත්තොත්...
ජීවිතයේ අරමුණු 40ක්‌ ඉටු වෙනවා... අරමුණු 40ක්‌ නෙමේ.....
අරමුණු 5ක්‌ ඉටු කරගත්තත් ජීවිතයට සැහෙන දේවල් ලැබෙනවා....
ඒ ලැබෙන දේවල් මොනවද කියලා ඔබට හිතාගන්නවත් බැහැ...
එක්‌ අරමුණක්‌ ඉටු වෙද්දී...
ජීවිතය සැහෙන දුරක්‌ ඉස්‌සරහට යනවා....





අද ඔබ එක තැන බ්‍රේක්‌ ඩයුන්....
මද වලක පල් වෙනවා....
ඒකයි මේ හිස්‌ බව....
ඒකයි මේ හෝන්දු මාන්දු ගතිය..







මේ ජීවිතයේ කිසිම දෙයක්‌ හරියට ඉගෙන ගත්තේ නැති ඔබ ගැන ඔබට දුක හිතෙන්නේ නැද්ද?...
ඔබේ හිතේ බලාපොරොත්තු ගොඩක්‌ තිබුණා... ඒත්.... ඒ බලා පොරොත්තු ඉටුකරගන්න ඔබ මොනවද කළේ?...
ඔබ ගොඩාක්‌ දේවල් කරන්න හිතුවා...
එත් ඔබ කළේ නැහැ...එහෙම නේද?...
සමහර දේවල් ඔබ පටන් ගත්තා...
ඒත් ඉවර කළේ නැහැ....
ඔබේ ජීවිතයේ
අද බාග කැලි එල්ලෙනවා...
ඇයි මේ?....
මේ ඔබේ ජීවිතය නේද?...




         මේ ඔබේ ජීවිතය නේද?...









පටන් ගන්න....
අදම...අදම....
මේ මොහොතෙම...
ඔබට කවදාවත් වරදින්නේ නැහැ....
ජීවිතයේ ප්‍රෙයෝජනයක්‌ වෙන මොකක්‌ හරි දෙයක්‌ කරන්න....
ජීවත් වෙන්න ඉගෙන ගන්න...
ඉගෙනගෙන ජීවත් වෙන්න...
                           








2 comments:

  1. :) abt u. lassana wachana tika lasanata tiyanawa.jeewithaya mokadda kiyala oyata ada therila thiyanawa.art karala sinhala subject 1 widiyata karapu oyata me wage deawal kiyanna liyanna hodata puluan.athatama adahasa hodai,wedeth hodai.me wage hoda ediriyata karagena yamata puluan wewa.me wage hoda weda hemadamat karanna.congrates! mulu hadawatinma wish u alla da bst.bs.god bless u

    ReplyDelete